IS ත්‍රස්තවාදයත් සහරාන් කල්ලියත් සම්පූර්ණයෙන් විනාශ කළා! එජාප ආණ්ඩුව 83 කළ වරද නැවත සිදු කළ යුතු නෑ! – අගමැති

May 31, 2019 at 9:50 am | by admin

ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙම ත්‍රස්තවාදී ක්‍රියා නැවත මෙරට තුළ ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේද ප්‍රතිව්‍යූහගත කරමින් ජනතාව සමඟ සංහිදියාවෙන් ඉදිරියට යා යුතු බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ආරක්‍ෂක අංශ ඉතා කෙටි කලක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර තිබෙන අවස්ථාවක ඇතැම් පාර්ශ්ව කට කතා පතුරුවමින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, 1983 සිදු වූ වරද නැවත සිදු නොකළ යුතු බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අම්පාර නගර සභා පිටියේ අද (30) දින පැවැති පවුල් ලක්‍ෂ 6 ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස