ආණ්ඩුව පුම්බන සමෘද්ධි ප්‍රදානෝත්සවයට රු. ලක්ෂ 3000ක්! බරපැන දරන්න වෙන්නේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවලටමයි! (Video)

May 29, 2019 at 9:55 am | by admin

නව සමෘද්ධිලාභීන්ට සමෘද්ධි හිමිකම ලබා දීමේ ජාතික උත්සවය අම්පාරේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවර සමෘද්ධිය ලබා දෙන්නේ එජාප පාක්ෂිකයන්ට බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.

මෙම උත්සවය හෙට (30) අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ඇති අතර එම උත්සවයේ වියදම රු. මිලියන 300ක් හෙවත් රු. ලක්ෂ 3000කි. මේ මුදල් නාස්තිය පිටුපස සිටින්නේ ඇමති දයා ගමගේය.

මෙම මුදල ලබා ගන්නේ සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලිනි. එම මුදල සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධි දීමනාවෙන් කපා ගන්නා ඔවුන්ගේ සුභසාධන කටයුතු සඳහා ඇති අරමුදලකි. එම අරමුදලින් ලබා ගන්නා ණය මුදල පියවීමට යෝජනා කර ඇත්තේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සතු අරමුදල්වලිනි. එම බැංකුවල ඇත්තේ සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස