අයවැයෙන් සහන දී නැවත බදු ලෙස ලබා ගැනීමේ සැලසුමක්!

February 23, 2019 at 2:06 pm | by admin

එළඹෙන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සහ සෙස සහනාධාර ඉහළ දමන අතර බදු ඉහළ නංවා එම මුදල් නැවත අයකර ගැනීමේ සැලසුමක් ඇතැයි වාර්තා වෙයි. මේ අනුව මුලින්ම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ආදිය ඉහළ නංවනු ඇත. පොහොර සහනාධාරය නැවත ලැබෙනු ඇත. දෙවනුව රාජ්‍ය ආදායම් උත්පාදනය සඳහා ප්‍රධාන බදු තුනක් ඉහළ නංවා එමගින් අයවැය සහන සඳහා ලබා දුන් මුදල නැවත මහ භාණ්ඩාගාරයට ලබා ගැනීමට කටයුතු කෙරේ. ඒ නිසා මෙම වැටුප් සහ සහනාධාර ඉහළ දැමීම සමග භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නිසා ජනතාවට කිසිදු සහනයක් සිදු නොවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *