ආදරණීය තරුණ නායක සජිත් ප්‍රේමදාස තව මාස කීපයකින් මේ රට භාරගන්නවා! – අජිත් පී.

June 7, 2019 at 2:35 pm | by emanisa.lk

පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාව වර්තමාන නායකයන් දැන් හිටියා ඇති යැයි ද අලුත් පරපුරට රට භාර දිය යුතු යැයි ද පවසන බවත් ඒ අනුව තව මාස කිහිපයකින් ආදරණීය තරුණ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රට භාර ගන්නා බවත් අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

මේ රටේ දුප්පත්කම විධිමත් ලෙස තුරන් කිරීම සඳහා ජනසවිය හඳුන්වා දුන්නේ සදාදර නායක ආර්. ප්‍රේමදාස බවත් එම වැඩසටහනට ඉදිරියට ගොස් වර්තමාන සමෘද්ධි ව්‍යාපාරය බිහි වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එම විශිෂ්ට නායකයාගේ වැඩපිළිවෙළ දවසේ පැය 24න් 20ක්ම ජනතාව වෙනුවෙන් කැපවෙමින් ඉදිරියට ගෙන යන නායකයා සජිත් ප්‍රේමාදස බවත් තම අඩුපාඩු හදාගෙන අලුත් අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරයට රට ඉදිරියට ගෙන යා හැකි නායකයා ඔහු බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

ලක්ෂ 6ක් ජනතාව සඳහා සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන යටතේ බණ්ඩාරගම අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට සම්බන්ධ වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස