අද පවුලකට ජීවත් වෙන්න ලක්ෂ 5ක් නැතිව බෑ! මම සමෘද්ධියෙන් පවුලක ආදායම ලක්ෂ 05ක් කරනවා!

March 19, 2019 at 10:00 am | by admin

මේ වන විට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අද (18දා) පැවසීය.

”සමෘද්ධිය තුළින් මම බලාපොරොත්තු වෙනවා එක පවුලක ආදායම රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කරන්න. ලක්ෂ 05ක් නැතිව අමාරුයි අපට ජීවත් වෙන්න. සාමාන්‍ය විදියකට ජීවත් වෙන්න පවුලකට ලක්ෂ 05ක් අවශ්‍යයි. එතනට රට ගෙනියන්න හැම කෙනෙක්ගේම සහයෝගය අවශ්‍ය වෙනවා”

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ ‘ලෝක සමාජ වැඩ දිනය’ සැමරීමේ උත්සවය අමතමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *