ආණ්ඩුවේ සංවර්ධන පම්පෝරි මැද තිස්සමහාරාමේ බිළිඳෙක් මන්දපෝෂණයෙන් මිය යයි!

June 18, 2019 at 1:35 pm | by emanisa.lk

තිස්සමහාරාම ප්‍රදේශයේ වයස මාස 11ක් වූ බිලිඳකු ඌන පෝෂණය හේතුවෙන් මිය ගොස් ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර ඊයේ (17) අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී පවසා තිබේ.

මියගොස් ඇති බිළිඳාගේ පියා යම්කිසි අබාධයකින් පෙළෙන බවත් ඔහු සමෘද්ධි ආධාර වැඩසටහන ප්‍රතික්ෂේප කොට ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත.

“කන්න නැතුව ළමයෙක් මැරෙන්න විදිහක් නෑ. රජය විසින් යාන්ත්‍රණයක් හදලා තියෙන්නේ. ඒ යාන්ත්‍රනය අනුව නිළධාරීන් වැඩකළ යුතුයි. වැඩ කරන්නේ නැතුව ඉන්න නිළධාරීන් ඉන්නවා නම් ඒ අය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්තුමා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරනවා.” මෙම උත්සවයට එක්ව සිටි ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසා ඇත.

ඌන පෝෂණය හේතුවෙන් තිස්සමහාරාම විජේපුර ප්‍රදේශයේදී බිළිඳා මරණයට පත්ව ඇත්තේ පසුගිය මැයි මස 15වනදායි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස