එජාප සංවර්ධන වැඩපිළිවෙළ නිසා කවදාවත් නැති විදිහට ගම් පිබිදිලා! අපි මෙතෙක් සමෘද්ධිය නොලැබුණු එජාප පාක්ෂිකයන් ලක්ෂ 6කට සමෘද්ධිය දුන්නා! – කාවින්ද

June 29, 2019 at 12:30 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නව ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් වෙනත් කිසිදු යුගයක නොවූ ප‍්‍රබෝධයක් අද ගම් තුළ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.

ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් අද රටේ සෑම කොණක්ම ශීඝ්‍ර දියුණුවකට ලක්ව ඇති බව පැවසූ මන්ත‍්‍රීවරයා පාට පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන් සිදුකරන බවත් සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මෙසේද සඳහන් කළේය.

“අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රජය මේ රටේ දැවැන්ත සංවර්ධන විප්ලවයක් කරගෙන යනවා. මේ වැඩපිළිවෙළ අපි කරන්නේ ගම සංවර්ධනය කිරීමේ චේතනාවෙන්. ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා හැම ආසනයකටම මිලිය300ක් ලබාදෙන්න.”

“ගම සංවර්ධනය කරලා රට සංවර්ධනය කරන වැඩපිළිවෙළක් එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවකින් ක‍්‍රියාත්මක කරලා නැහැ. අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ට සමෘද්ධිය ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ පාක්ෂිකයන්ට පමණයි මේ කාලය තුළ සමෘද්ධිය ලැබුණේ. අපි ඒ පිරිසගෙත් සමෘද්ධිය කප්පාදු නොකර එය හිමිවිය යුතු තවත් පවුල් ලක්ෂ හයකට ඒ සහනය ලබා දුන්නා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස