දුප්පතුන්ට ටී ෂර්ට් එකක් දීම වැරදිද? ලක්ෂ 3000ක් කියන්නේ ලොකු මුදලක්ද? – දයා ගමගේ

July 10, 2019 at 6:12 pm | by emanisa.lk

සමෘද්ධි ප්‍රදානෝත්සව වෙත පැමිණි දුප්පත් ජකතාවට රු. 550ක් වටිනා ටී ෂර්ට්ස් එක බැගින් ලබා දීම වැරදි දැයි ඇමති දයා ගමගේ විමසයි.

එම ටී ෂර්ට්ස්වල එජාප සලකුණ හෝ තම නම යොදා නොමැති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

රට පුරා පෝස්ටර් ලක්ෂ 4ක් ගැසූ බව පැවසූ ඇමතිවරයා මේ සියලු කටයුතුවලට ලක්ෂ 3000ක් වැය වූ බව පැවසූ අතර එය විශාල මුදලක් දැයි ප්‍රශ්න කළේය.

මේ සඳහා රජයේ මුදල් හෝ ජනතාවගේ මුදල් වැය කොකළ බවත් එහෙයින් එම මුදල් ලබාගත් ආකාරය හෙළි කිරීමේ උවමනාවක් නැතැයි ද සඳහන් කළේය.

සමෘද්ධි ප්‍රදානෝත්සව ප්‍රචාරණය සඳහා රු. කෝටි 24කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස