ප්‍රචාරණ වියදම් කපලා අපි ජනතාවට සේවය කළ නිසා ජනතාව අපේ සේවාව ගැන දන්නේ නෑ!

February 7, 2019 at 5:48 am | by admin

මැතිවරණ පොරොන්දු ඉටු කරමින් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්න ද ඒවා පිළිබඳ ජනතාව දැනුම්වත් වී නැතැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“දින 53ක් පුරා පැවැති බලඅරගලය හේතුවෙන් ඔෟෂධ හිඟයක් ඇති වුණා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඔෟෂධ හිඟවීම නිසා රෝගීන් දැඩි අසීරුතාවට පත් වුණා. මම යළි ඇමැති වුණා කියලා රෝගීන්ට ඔෟෂධ නැත්නම් වැඩක් නැහැ. රෝගීන්ට දේශපාලන අර්බුද වැඩක් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතුයි. දූෂණ, වංචා, කොමිස් නතර කරලා මිල පාලනය ඉදිරියේදී ඇති කළ යුතුයි. කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ බොහෝ දේවල් අපි සිදු කළා.”

“2015 වසරේ මැතිවරණය ජයගෙන ලබාදුන් පොරොන්දු අපි එකිනෙක ඉටු කළා. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම, සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කිරීම, සරසවි සිසුන්ගේ මහපොළ වැඩි කිරීම, ගොවි ණය කපා හැරීම, කිරි ගොවීන් පෝෂණය කිරීම වැනි ජනතා සේවාවන් රැසක් ආණ්ඩුව විසින් ඉටු කර තිබෙනවා.”

“එම සේවාවන් පිළිබඳව සමහරුන්ට මතක නැහැ. අපි ඉටු කළ සේවාවන් මාධ්‍ය මඟින් පෙන්නුවෙත් නැහැ. යහපාලනය නිසා ප්‍රචාරණයට මුදල් වැය කිරීම නතර කර ජනතා සහන ලබා දෙන්න කටයුතු කළා. නමුත් අපි වගේ රටකට ප්‍රචාරණය අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *