අසාර්ථක සමෘද්ධි සමීක්ෂණයට සහ බොරු උත්සව දෙකට ලක්ෂ 900යි! සමෘද්ධිලාභීන්ගේන් කපන රු.100 බොටම් බෙදලා විස්කිත් ගහලා!

March 22, 2019 at 3:51 pm | by admin

සමෘද්ධි අමාත්‍යංශය මගින් සමෘද්ධිය සහනාධාරය අලුතින් ලබාදීම සඳහා රු. කෝටි අටක් වියදම් කර සමීක්ෂණයක් කළ බවත් එම සමීක්ෂණය වැරදි යැයි පැවසීම සඳහා තවත් රු. ලක්ෂ අටක් වියදම් කර ඇති බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීි නලින්ද ජයතිස්ස පවසයි.

එපමණක් නොව සමෘද්ධි හිමිකම් පත් බෙදාදීම සඳහා මාතලේ පැවති උත්සවය සඳහා රු. ලක්ෂ 64ක් ද පොළොන්නරුවේ පැවති උත්සවය සඳහා රු. ලක්ෂ 34ක් වැය කර ඇතැයි ද හෙතෙම හෙළි කරයි.

එපමණක් නොව සමෘද්ධිලාභියාට ලැබෙන රු. 1500ක මුදලින් රු. 100ක් කපාගෙන ගොඩනැඟූ සමාජ ආරක්ෂණ භාරකාර අරමුදලේ ලක්ෂ 14ක් පොළොන්නරුව තරුණ කඳවුරක වෙනුවෙන් බොටම් 3500ක් මිල දී ගැනීමට වැය කර ඇතැයිද ඔහු හෙළි කළේය. එපමණක් නොව 2016/11/17 දින විස්කි සහ අරක්කු ද මිල දී ගෙන ඇත්තේ ජනතා මුදලින් බව ඔහු පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස