ආණ්ඩුවේ ගමන කිසිවිටක අඅඩාල කරන්නේ නෑ! ඉදිරි මාස කිහිපයේදී රටේ සංවර්ධනය තවත් වේගවත් කරනවා! – අගමැති

July 3, 2019 at 1:44 pm | by emanisa.lk

ආණ්ඩුව ඉදිරියට යන ගමන කිසි විටෙක අඩාල නොකරන අතර ඉදිරි මාස කීපයේදී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යොදවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (02) පැවැසීය.

සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වන විට සංවර්ධන වැඩසටහන් සියල්ල සාර්ථකව නිම කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස