රටේ නිෂ්පාදන වැඩි නොකර රාජපක්ෂලාට බැන්නාට රට දියුණු වෙන්නේ නෑ! – ඇමති දයා ගමගේ

February 8, 2019 at 8:35 am | by admin

2015 වසරේ ආණ්ඩුව භාර ගන්නා විට තමන්ට හැකි වූයේ ණය පොළිය පමණක් ගෙවීමට බවත් මේ වන විට වාරිකයක් ද ගෙවීමට හැකි වී ඇති බවත් අමාත්‍ය දයා ගමගේ පවසයි. නමුත් රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි දීමනා, මාර්ග සැදීම ආදී සියලු ම දෙයට මුදල් නැවත ණයට ගැනීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මෙම ණය චක්‍රයෙන් ගොඩ ඒමට නම් රාජපක්ෂ පාලනයට බැණ බැණ සිටීමෙන් පමණක් පළක් නොවන බවත් රටේ නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *