චන්ද්‍රිකාට ශ්‍රිලනිපයේ තබා කාර්ය මණ්ඩලේ සහයවත් නෑ!

November 4, 2019 at 2:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක  හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග ‘ අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ  කාර්යමණ්ඩල අධ්‍යක්ෂව ජස්ටින් නවරත්න විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී.

කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයා සමග සේවක පිරිසේ   වැඩි පිරිසක් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.

මේ සම්බන්ධව කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්නගෙන් අද ( 4 ) කළ විමසීමේදී පැවසුවේ තමන් නිශ්ශබ්දව පැත්තකටවී බලා සිටින බවයි.

පසුගිය වර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට උදව් කළේ ඔහු අපේ මිනිහෙක් නිසයි. නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ගිවිසුම් ගතව සහායදීමට යාමෙන් අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනවා. මට විවිධ ඉල්ලීම් එනවා. නමුත් කාටවත් උදව් නොකර මේ ටිකේ නිශ්ශබ්දව ඉන්නේ. යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස