ශ්‍රීලනිප උරුමය ඇත්තේ චන්ද්‍රිකා මැතිනියටයි! අපි එතුමයි සමග ශ්‍රීලනිප පූර්ණ සහාය සජිත්ට දෙනවා! – ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය

October 20, 2019 at 8:13 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබදෙන බවත් ඒ වෙනුවෙන් නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ජාතික සංවිධානයේ වැඩබලන සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සංජය සිරිවර්ධන සඳහන් කරයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පුර්ණ ආශීර්වාදය මේ සඳහා තිබෙන බවත් ශ්‍රීලනිපයේ උරුමය ඇත්තේ එතුමියට බැවින් හිටපු ජනාධිපතිතුමිය ලංකාවට පැමිණි පසු තම සංවිධානය සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් එතුමියගේ මතය මේ මොහොතේ තීරණාත්ම බවත් වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස