ගෝඨා-බ්ලේක් කියන ඇමරිකන්කාරයෝ ඇක්සා ගහද්දි කතා නොකළ අය අද ඒක දික් කරද්දි කෑ ගහනවා! මිලේනියම් චැලෙන්ජ් කෝපර්රේෂන් කියනනේ ගිවිසුමක් නෙමෙයි ආධාර වැඩසටහනක්! – හෙක්ටර් අප්පුහාමි (video)

July 4, 2019 at 5:12 pm | by emanisa.lk

2007 වසරේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රොබට් ඕ. බ්ලේක් සහ ගෝඨාභය රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියන් දෙදනෛකු ඇක්සා ගිවිසුම අත්සන් කරන විට කිසිවක් නොපැවසූ අය අද එම ගිවිසුම වසර 10කට පසු දිගු කරන විට කෑ ගසන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

මෙම ගිවිසුම දින 180ක් ඇතුළත අවශ්‍ය නම් ලංකාවට ඉවත් විය හැකි ආකාරයට තම ආණ්ඩුව වෙනස් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

සෝෆා ගිවිසුම අත්සන් කළේ චන්ද්‍රිකා කුමාරතුංග බවත් ආණ්ඩුව ගිවිසුම අලුත් කිරීමට සාකච්ඡා කළා මිස කිසිවක් නොකළ බවත් හෙතෙම පවසයි.

මිලේනියම් චැලෙන්ජ් කෝපර්රේෂන් යනු ගිවිසුමක් නොව ලංකාවට මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා ඩොලර් මිලියන 400ක් ලැබීමට නියමිත ආධාර වැඩසටහනක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

මෙවැනි පසුබිමක් තුළ තම ආණ්ඩුව රට විකුණන බව පෙන්වීමට උත්සාහ කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස