රාජපක්ෂලා හොරකම් කරලා මම හැදූ ආර්ථිකය බංකොලොත් කළා! යුද්දෙන් තුන්කාලක් ඉවර කළෙත් මම! – චන්ද්‍රිකා (video)

August 3, 2019 at 11:30 am | by emanisa.lk

රාජපක්ෂලා 2015 ආණ්ඩුව නැවත භාර දුන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බංකොලොත් කර බවත් 2005 තමන් ආණ්ඩුව භාර දෙන විට රටේ ආර්ථිකය ඉතාම දියුණු මට්ටමක පැවති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

තම ආණ්ඩුව යටතේ තුන් කාලක් පමණ නිමකර පැවති යුද්ධය රාජපක්ෂලා නිමා කළේ ද තම ආණ්ඩුව ගෙන ආ ආයුධවලින් බව ඇය හෙළිදරව් කළාය.

යුද්ධය පැවතිය ද තම පාලන කාලය තුළ රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ නැංවූ බවත් රාජ්‍ය සේවක වැටුප් මුල් අවුරුදු 8 දී පස් ගුණයකින් ඉහළ නැංවු බවත් පැවසූ හිටපු ජනාධිපතිනිය ඊට පසු එවැනි වැටුප් ඉහළ නැංවීමක් සිදු නොවූ බව ද සඳහන් කළාය.

ඉතාම පැහැදිලි ආර්ථික දර්ශනයක් ඇතිව කටයුතු කරමින් හොරකමට ඉඩක් නොදී තම ආණ්ඩුව කටයුතු කළ නිසා විශාල මුදලක් ඉතිරි කරගත හැකි වූ බවත් රාජපක්ෂ ආණ්ඩුව එවැනි මගක් නොගත් නිසාත් හොරකම් කළ නිසාත් රු. ලක්ෂයක වැඩක් සඳහා ලක්ෂ පහක් වැය වූ බවත් ඇය සිහිපත් කළාය.

වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ මෙන් හොරකම් සිදු නොවන බවත් හිටපු ජනපතිනිය අවධාරණය කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස