ඇමතිකම් ගන්න ශ්‍රීලනිප පිරිසක් හීන දකිනවා!

February 3, 2019 at 5:11 pm | by admin

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ මෙන්ම සිය පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වූ අවස්ථාවේ ඊට එරෙහි පිරිසක් ශ්‍රීලනිපයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීි එස්.බී. දිසානායක පවසයි.

එහෙයින් නැවත එජාප ආණ්ඩුවට ගොස් ඇමතිකම් ගැනීමට හීන දකින පිරිසක් ශ්‍රීලනිපයේ සිටිය හැකි බවත් තරුණ දේශප්‍රේමි පිරිසක් තමන් සමග එකතු වීමට බලා සිටින හෙයින් එම පිරිස ආණ්ඩුවට යාම ගැටලුවක් නොවන බවත් ඔහු අවධාරණය කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපයට හේත්තු කිරීමේ ලොකු හීනයක් ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පක්ෂය තුළ කැරලි ගසන්නේ මුදලට සංවිධායකකම් ලබා ගත් අය බවට චෝදනා කරන හෙතෙම මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු 7ක් සහ දිස්ත්‍රික් සංවිධායකවරු 18ක් සිටින්නේ ඒ අනුව බව ද හෙළි කරයි.

මේ ක්‍රියාවලියට සම්බන්ධ පක්ෂයේ මහ ලේකම්වරයා බවත් ජනාධිපතිවරයා ඒ පිළිබඳ තමාට හෙළිදරව් කළ බවත් සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක් වෙමින් හෙළි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *