මහින්ද කියන්නේ අසාර්ථකම පාලකයෙක්! චන්ද්‍රිකා ගෙනාපු මල්ටි බැරල් ටික සුද්ද කළා විතරයි! – දඹර අමිල හිමි

June 28, 2019 at 12:46 pm | by emanisa.lk

ඇතැම් බෞද්ධාගමික නායකයින් බෞද්ධ දර්ශනයේ මූලික ඉගෙනීම් පසෙකලා බෞද්ධ දර්ශනයට පිටුපස හරවා ඊට එරෙහිව යමින් යම් යම් දේශනා සමාජගත කිරීමට උත්සාහ කරන බවත් ඒවාට හසු නොවන ලෙසත් පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (27) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ හිමියන් මේ පිළිබඳව අඳහස් පල කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ යනු කිසිදු දර්ශනයක් නැති අසාර්ථකම පාලකයෙක් බවයි.

“මහින්ද රාජපක්ෂ කියන්නේ අසාර්ථකම කිසිදු දර්ශනයක් නැති පාලකයෙක්. රට ආර්ථික සමෘද්ධිය කරා ගෙනියන්න අයන්න ආයන්නවත් දන්නේ නෑ.

තිබිච්ච මල්ටි බැරල් එකේ උණ්ඩ ටික ගහලා සුද්ද කළා විතරයි. ඒ මල්ටි බැරල් උණ්ඩත් ඊට කලින් ගෙනාපුවා. අසාර්ථක දේශපාලඥයන්ගේ එකම අවිය වන්නේ ආගම්වාදය හා ජාතිවාදයට විතැන් වීමයි.

අද මහින්ද රාජපක්ෂගෙන් දකින්නේ ඒක තමයි. රතන හාමුදුරුවන්ගෙන් දකින්නේ ඒකයි. විමල්ලා උදය ගම්මන්පිලලගේ දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නේ ඒකයි. කාදිනල්තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා. මේවාට කුඩුවෙන්න ගහන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස