මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනා ප්‍රේමදාසගේ පුතා රජකරවන්න ශ්‍රීලංකාකාරයෝ සූදානම් නෑ! – අත්තනගල්ලේ ජනතාවත් චන්ද්‍රිකාට එරෙහි වෙති…..!

November 1, 2019 at 2:02 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට චන්ද්‍රිකා කුමාරතුංග ගත් තීන්දුවට අත්තනගල්ලේ බණ්ඩාරනායක හිතවාදීහු විරෝධය පළකරති.

කුමාරතුංග කුමාරතුංගගේ සම්බන්ධීකරණ ලේකම් ජස්ටින් නවරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් ඊයේ අෑ හමුවී සිය විරෝධය පළ කර ඇත.

සිය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලයාගේ පුත්‍රයා සමග සන්ධාන ගතවීමට අත්තනගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කෙසේවත් නොහැකි බව ඔවුහු කුමාරතුංග කුමාරතුංගට පෙන්වා දී ඇත.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක බිහිකළ පක්ෂය සිරිකොත ගේට්ටුවෙ එල්ලීමට මෙරට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉඩ තබන්නේ නැති බව ද ඔහු හිටපු ජනාධිපතිනියට පවසා තිබේ.

හැකිනම් නිට්ටඹුව රුවන්පුර ශාඛා සමිතියේ බලය අත්පත් කරගෙන පෙන්වන ලෙස ඔහු චන්ද්‍රිකාට අභියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස