ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රාවණා 01 උඩු ගුවනට! නෑනෝ තාක්ෂණ පම්පෝරි දේශපාලකයෝ කිසිවකු උදව් කරලා නෑ! (video)

April 19, 2019 at 8:25 am | by admin

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් විසින් නිෂ්පාදනය කළ රාවණා 01 චන්ද්‍රිකාව ඊයේ (18) අභ්‍යවකාශගත කෙරිණි. එම චන්ද්‍රිකාව ද රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යකාශ මධ්‍යස්ථානය කරා ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 2.16ට නික්මිනි. එය නිෂ්පාදනය කළේ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ යන විද්‍යාඥයන්ය.

මෙම රොකට්ටුව නිෂ්පාදනය සඳහා කිසිදු දේශපාලකයකු කිසිදු උදව්වක් මේ වන විට සිදු කර නොමැති බව අනාවරණය විය. අගමැතිවරයා හමු වී සහාය පැතුව ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව තරිඳුගේ මව ප්‍රකාශ කළාය.

කෙසේ වුවද නැනෝ තාක්ෂණය සුහුරු තාක්ෂණය ආදීය පිළිබඳ නිතර කතා කරන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු එය තමන්ගේ මගපෙන්වීම සහ අනුදැනුම මත සිදු කළ කාර්යයක් බව කියාපෑම සඳහා පසුගිය සමයේ සිය ගෝල බාලයන් ලවා සමාජජාලාවල මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස