බෙදුම්වාදී බලවෙිග රට සතර අතින් කොටු කරයි! ශ්‍රීලංකන් ගුවන් සේවාවත් කොටි ඩයස්පෝරාව මිලට ගනී!

April 4, 2019 at 4:27 pm | by admin

ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න පැවසීය.

ලයිකා මොබයිල් ආයතනය එල්.ටී.ටී.ඊ. මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සමාගමක් බවද ජනක විජේපතිරත්න අවධාරණය කළේය.

මේ ගනුදෙනුව පිටුපස 1996 ජාතික ගුවන් සේවාව එමිරේට්ස් සමාගමට විකුණා දැමූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ මුදල් අමාත්‍යංශ උපදේශකවරයකු සිටින බවද හෙළිදරව් විය.

ඔහු එසේ පැවසූවේ අද (4) කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීහු ද එක්ව සිටියහ.

ස්වර්ණවාහිනිය ඇතුළු EAP සමාගම් ජාලය දූෂිත ගනුදෙනුවක් මගින් අත්පත්කර ගැනීමත් සමග කතා බහට ලක්වූ ලයිකා මොබයිල් සමාගම මේ වන විට තවත් රේඩියෝ නාළිකාවක් ද මිලයට ගැනීමට සූදානම් වෙයි. පුවත්පතක් ආරම්භ කිරීමට ද සැරසෙයි.

මේ අතර ජන ප්‍රසාදය ලබා ගැනීම සඳහා එම සමාගම සමාජ සේවා කටයුතුවලට ද යොමු වී තිබේ. පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට රු. ලක්ෂ 400 වැයකර නවීන පහසුකම් සහිත සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ද ගිවිසුමකට එළඹිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *