ඇමරිකානු CIAකාරයෙක් ජාතික ආරක්ෂක උපදේශක මණ්ඩලයට!

July 17, 2019 at 3:01 pm | by emanisa.lk

ඇමරිකානු සී අයි ඒ සංවිධානයට සම්බන්ධ රොක්සෙලර් පදනමේ ආරක්‍ෂක උපදේශකයකු මෙරට ජාතික ආරක්‍ෂක උපදේශක මණ්ඩලයට පත් කර ඇත.

රාම් මානික්කලිංගම් නැමැති මොහුගේ සොහොයුරිය විවාහ වී සිටින්නේ ප‍්‍රභාකරන්ගේ උපදේශකව සිටි මහාචාර්ය සොරිණලිංගම් සමග බව හෙළි තිබේ.

මෙම තැනැත්තාගේ පැමිණීම ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිරීක්‍ෂණයට ලක්වී නැත. රාම් මානික්කලිංගම් හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග සමයේ සාම සාකච්ඡා උපදේශකයකු ලෙස කටයුතු කර ඇත.

ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැච්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු කටයුතු කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස