TNA ඉල්ලීම අනුව රටේ නම වෙනස් කළාට කමක් නෑ! අලුත් ව්‍යවස්ථා 1995 වගේම ෆෙඩරල් එකක් තමයි!- අමාත්‍ය පාඨලි මුල්ලේරියාවේ දී පවසයි.

January 26, 2019 at 3:46 am | by admin

ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියන කෑලි අතෑරලා ශ්‍රී ලංකා ජනරජය යනුවෙන් හැඳින්වීම ප්‍රමාණවත් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඇමතිවරයා මේ අදහස් පළ කළේ අඹතලේ වැසි ජල පොම්පාගාරය මුල්ලේරියාව වැව ආසන්නයේ ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට පැමිණි විට රටේ නම වෙනස් කළ යුතු යැයි දෙමළ සන්ධානය පැවසීම පිළිබඳ ඇමතිවරයාගේ අදහස විමසූ විටය.

නව ව්‍යවස්ථාව පිළිබඳ විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

“චන්ද්‍රිකා මැතිනියගේ කාලේ 1995 ගෙනාපු ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්ෂපාතීව මහින්ද රාජපක්ෂ කටයුතු කළා. චන්ද්‍රිකා මැතිනිය උතුරු හා නැගෙනහිර වෙරළ තීරය එල්ටීටීඊයට පවරන පීටොන් ගනුදෙනුව ආ වෙලාවේ ඒකටත් පක්ෂපාතීව මහින්ද රාජපක්ෂ කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා ගේන කොට හොඳයි, දැන් විශේෂඥයෝ ගෙන කොට නරකයි.”

මේ අනුව මෙදා විශේෂඥ කමිටුව ගෙන ආවේ එදා 1995 චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ ගෙන ආ පන්නයේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් බව ඇමතිවරයා පිළිගෙන තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *