වෙල්ගම චන්ද්‍රිකා ඇතුළු 15000ක බලඇනියක් එක්ක ශ්‍රීලනිපය රකින්න එජාපයට යනවා! – සජිත්ගේ කාර්යාලයේ සිට ශ්‍රීලනිපයේ කිත්සිරි හෙට්ටිආරච්චි පවසයි….

October 30, 2019 at 1:07 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කෙරෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු ,පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්,මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ(29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂක සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි සඳහන් කළේ කුමාර වෙල්ගමගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් මෙම සමුළුව පවත්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් 15,000ක් සහභාගි වීමට සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස