ගෝඨාට යුද්ධ කරන්න තියා දාන් අඳින්නවත් බෑ! ආබාධිත රණවිරුවෝ 15000ක් ඉන්නේ අපි එක්ක! ජනතාව අපට බනින්නේ ගෝඨාට දඬුවම් නොදුන් නිසා!- රාජිත

October 29, 2019 at 12:54 pm | by emanisa.lk

ආබාධිත රණවිරුවෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජය වෙනුවෙන් කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර එකසත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවැසිය.

“අවුරුදු 05කට පසු නැවතත් අපට ජනාධිපතිවරණයක් පැමිණ තිබෙනවා. මේ තෝරා ගන්නා වූ රාජ්‍ය නායකයා මත තමයි රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය රදා පවතින්නේ. අපේ ප්‍රතිවිරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඉන්න කෙනාගේ මැතිවරණ ප්‍රකාශනය කියෙව්වාම ලංකාවේ රජයක නොහිටපු අලුත්ම පුද්ගලයෙකු විදිහටයි පෙන්වා තිබෙන්නේ. අතිතයේ සිදුවූ වැරදි සිදු නොවුණා සේ තමයි ඒවාට විරුද්ධව පොරොන්දු දීලා තිබෙන්නේ.

අපි ඔබලාට 2015 පසු ඔබලාගේ මූලික අයිතිය වන ජීවත්වීමේ අයිතිය ලබාදුන්නා. පෙර රජයේ එහෙම තිබුණේ නැහැ. එම රජය මාධ්‍යවේදීන් ඝාතනය කළා. ජනතාව ඝාතනය කළා. විරුද්ධවාදීන් ඝාතනය කළා. මේ නඩු වලට බයේ දත කට විකාගෙන අද රාජපක්ෂවරු කටයුතු කරනවා. ඔවුන්ට තිබෙන එකම අවස්ථාව තමයි 17 වනිදා මැතිවරණය ජයගෙන මේ නඩුවලින් බේරෙන එක. ආණ්ඩුව වෙනස් වුණොත් මේ හොරු ඔක්කොම නිදහස් වෙනවා. නැත්නම් බෑ.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඇමරිකාවේ දී රට පවා දුන්නා. මාධ්‍ය සාකච්ඡාවක දි පිළිතුරු දෙන්න දන්නේ නැහැ. මෙයා දාම් අදින්නවත් හරියට ඉගෙන ගත්ත නැති මිනිහෙක්. එකක් කපන කොට දැනගන්න ඕනි අනෙකා 05 ක් කපලා දායි කියලා. ප්‍රශ්නයකට උත්තර දෙන්න දන්නේ නැහැ. අමාරුම විද්‍යාව තමයි දේශපාලන විද්‍යාව. ආවම කොරන්නම් කිව්වාට ආපු දවසට බලාගන්න පුළුවන් කරන්නේ කොහොමද කියලා.

91 මේ දේශප්‍රේමියා රට යනවා. ඒ වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග යටතේ රාත්‍රි 03ක් යනකොට අලිමංකඩ ඇතුලු යුධ හමුදා කඳවුරු 17ක් ත්‍රස්තවාදින් අල්ලා ගත්තා. යුධ සෙබලු දහස් ගණනක් මිය ගියා. එදා යාපනය බේරා ගන්න ඉදිරිපත් වුණ කෙනෙක් තමයි සරත් ෆොන්සේකා මහතා. අන්න එතකොට තමයි බයේ මෙයා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ. එයා රට ගියා. බිරිඳට මානසික ආතතිය කියලා රට යන්නේ. අනුන් කරපු වැඩවලට සහතික ගහපු. කොළඹ ඉදලා යුද්ධ කළ මෙයා මුළු කාල පරිච්ඡේදයටම මෙයා යාපනයට ගියේ එක දවසයි.

හැබැයි දකුණේ මිනී මැරුවා. අපේ සමහර අවිහිංසාවාදි සංගම් තියෙනවා බල්ලෙක් මැරුණම නහින්න හදනවා මිනිහෙක් මැරුණම සද්දෙ නොකරන ඉන්නවා. අද අපේ ආණ්ඩුව බැණුම් අහන්නේ වෙන මොකක් හින්දවත් නොවෙයි මෙන්න මේ කාලකණ්නි නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් නොකරපු නිසා.

අපි දුන්න නිදහස මාධ්‍ය පවා අයුතු ලෙස පාවිච්චි කළා. දැනටත් පාවිච්චි කරනවා. අපේ රජය කළ සංවර්ධන ව්‍යාපෘති මාධ්‍ය වල පළ වුණේ නැහැ. අද රණවිරුන්ට සැලකුවා අපි. ආබාධිත රණවිරුවෝ 15,000 පමණ අද අපිත් එක්ක එක්ව යනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස