චන්ද්‍රිකාගේ අලුත් පක්ෂය ලත් තැනම ලොප්! හිතේ අමාරුවෙන් හිටියාට අලුත් පක්ෂ හදන්න ඔළුවේ අමාරුවක් නෑ!

January 31, 2019 at 10:35 am | by admin

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න වෙහෙස මහන්සි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට යම් කනගාටුවක් හිතේ අමාරුවක් පසුගිය කාලය පිළිබඳව තිබුණ ද, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුටත් වෙනම පක්ෂයක් ඇති කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හෝ පක්ෂයෙන් එළියට යෑමට කිසිම අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (31) අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පෙබරවාරී 01 වැනි දින අනුරාධපුරයෙන් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරලා, මේ ආරම්භය අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවන් දක්වා මේ ජයග්‍රහණය ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.

කෙසේ වුවද පසුගිය කාලය පුරා ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් වෙනත් පක්ෂයක් පිහිටුවීමට සූදානම් බවත් චන්දිකා මෙන්ම රෙජිනෝල්ඩ් කුරේ ද එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත බවත් වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *