ඇමති රාජිත සහ මංගල කියන්නේ හොඳ බෞද්ධයෝ! -දඹර අමිල හිමි

June 9, 2019 at 10:10 pm | by emanisa.lk

ඇමති රාජිත සේනාරත්න සහ ඇමති මංගල සමරවීර තමන් හඳුනා ගෙන ඉන්නේ හොඳ බෞද්ධයන් ලෙස යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

ගම්පහ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇමති රාජිත සහ මංගල කිසිදු උත්සවයකට නොකැඳවීමට සහ විහාරස්ථානවලට නොකැඳවීමට තීන්දුවක් ගෙන ඇතැයි පැවසූ අමිල හිමි අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළ කරුණා අම්මාන්ට ශ්‍රීලනිපයේ උප සභාපති ධුරයක් ලබා දෙන විට සහ දළදා මාළිගාව ඉදිරිපිට රුසියානු ගණිකාවන් නටවන විට රාජපක්ෂලාට එරෙහිව එවැනි තහනමක් පැනවීමට කිසිවකු ඉදිරිපත් නොවූයේ මන්දැයි ප්‍රශ්න කරයි.

මෙම සියලුම භික්ෂූන් වහන්සේලා පොහොට්ටුවේ අය බවත් ඔවුන් තමන් කවුදැයි දැනගෙන වැඩ කළ යුතු බවත් අමිල හිමි පවසයි.

වර්තමාන මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ ව්‍යපාර සංවර්ධන විධායකවරයකු ලෙස දඹර අමිල හිමියන්ට මාසිකව රු. 95 000ක දීමනාවක් සමාගමේ රහසිගත ගිණුමකින් ගෙවන බව පසුගිය වසර අවසානයේ අධිකරණයේ දී හෙළිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස