උපවාස කරන රතන චීවරධාරියා බලන්න ගිහින් කාදිනල් ජාතිවාදය අවුස්සනවා! – ඇමති මංගල

June 3, 2019 at 3:00 pm | by admin

කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇති කරන බව අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි.

අද පෙරවරුවේ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීමට විරෝධය පළ කරමින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. මෙම සිදුවීම වතිකානුව සිහියේ තබාගත යුතු බව ද එහි අවධාරණය කර තිබේ.

මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය නිසා බහුතර සිංහල ජනතාව නොසන්සුන්තාවට පත්ව ඇති අවස්ථාවක මේ රට සිංහල බෞද්ධ නොවේ යැයි පවසමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කළ බවට ඇමති මංගලට බොහෝ පාර්ශව චෝදනා කළේය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව ඇමති මංගල සමරවීර පවසන විට ඊට එරෙහිව දැඩි ලෙස පෙනී සිටියේ කාදිනල්තුමාය.

මේ රට ගොඩනැඟීමට නම් සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් විය යුතු බව ද රට ෆෙඩරල් නොකළ යුතු බව ද රටේ ස්වෛරීත්වය පාවා දෙන විදෙස් හමුදාවලට මේ රටට පැමිණීමට ඉඩ දෙන ගිවිසුම් වලට නො එළඹීය යුතු බව ද එහිමියන් අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස