මේ රට සිංහල බෞද්ධ නොවන බව කියන මංගලගේ ද්‍රෝහී ප්‍රකාශය හෙළා දකිනවා! එදා රට බේරාගත් දකුණේ වත්මන් නායකයන් ගැන කනගාටුයි- පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නාහිමි

May 13, 2019 at 7:46 pm | by admin

ශ්‍රී ලාංකික මහා සංස්කෘතියේ වටිනාකම තේරුම්ගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි අතිඋතුම් රදගුරු හිමිපාණන් පවා පිළිගත් පසුබිමක මෙය සිංහල බෞද්ධයාගේ රටක් නොවේය යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමියෝ පවසති.

වෙහෙර විහාර විනාශ කරමින් සතුරු ආක්‍රමණ පැමිණෙන විට රට ආරක්ෂා කර ගැනීම සඳහා එදා දකුණේ සිංහල බෞද්ධ නායකයන් ඉදිරිපත් වුණත් අද දකුණේ නායකයන් නිහඬව බලාසිටිනු දැකීමත්, සිංහල බෞද්ධයෙකු යැයි කියාගන්නා අයෙකු මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීමත් වේදනා ගෙන දෙන්නක් යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරති.

ඉතිහාසය පුරා මංගල සමරවීර රට දැයට බුදු දහමට ද්‍රෝහී සමාජයට වෛර කරන අසම්මත චර්යාවක් ප්‍රදර්හනය කළ බව ද උන් වහන්සේ පවසයි. මෙම ද්‍රෝහී ප්‍රකාශය කරන තුරු එජාප දෙවන පෙළ නායකයන් නිහඬව බලා  සිටීම ද උන් වහන්සේගේ දෝෂ දර්ශනයට ලක්විය.

රටට පාලකයකු පත්කර ගැනීමේදී දරු සුරතල් විඳිය හැකි මානව ප්‍රේමයෙන් යුත් අයෙක් පත් කර ගත යුතු බවත්, එමෙන්ම රටට එල්ල වන අභියෝග හමුවේ කොන්ද කෙළින් පිරිමියකු මෙන් ක්‍රියාකළ හැකි නායකයන් පත් කරගැනීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස