එජාපය බුදු දහමට ප්‍රමුඛතාව දීලා සෙසු ආගම්වලට සමානව සලකනවා! පොහොට්ටුකාරයෝ මුස්ලිම් ජනතාවගේ වෙළෙඳාමට ඉරිසියා කරනවා! – ඇමති කිරිඇල්ල

June 30, 2019 at 10:10 pm | by emanisa.lk

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සෙසු ආගම්වලට ද සමාන ලෙස සැලකීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසයි.

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර ව්‍යවස්ථාව අනුව බුදු දහමට ප්‍රමුඛවතාව දෙන අතර සෙසු ආගම්වලට ද සමාන ලෙස සලකන බවත් එක්සත් ජාතික පක්ෂයේ සියලු ජාතිවලට අයත් ජනතාව සිටින බව ද ප්‍රකාශ කළේය.

පොහොට්ටුකාරයන් මුස්ලිම් ජනතාවගේ වෙළඳාමට ඉරිසියා කරන අතර ජාතිවාදය ඇති කරන බවත් 99%ක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සාමයෙන් සමගියෙන් ජීවත් වීමට කැමති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස