බෞද්ධයන්ට ඔබෙන් උගත යුතු සාමයක් නෑ! අපි ඔබට ක්‍රියාවෙන්ම සාමය උගන්වා අවසන්! – අස්ගිරි අනුනාහිමි ලෝක මුස්ලිම් නායකයන් ඉදිරියේ සිංහනාද කරයි…..

August 1, 2019 at 2:57 pm | by emanisa.lk

ආගම් සියල්ල එක විය හැකි වුවත් බුදු දහම එවැනි ආගමක් නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආචාර්ය වෙඬරුවේ උපාලි අනුනාහිමි පවසයි.

දහමින් හිත දමනය කරන අතර ආගමෙන් හිත රමණය කරන බව එහිමියන් පැවසීය.

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම තමන් වහන්සේලාගේ හිසට පහර දීමක් වැනි වුවද බෞද්ධ ජනතාව ප්‍රකෝප නොවන ආකාරයට මහා නායක හිමිවරුන් කටයුතු කළ බවත් අප්‍රේල් 21 ලේ විලක් වන්නට තිබුණු රට කාදිනල්තුමා සන්සුන් කළ බවත් සිහිපත් කළේය.

එහෙයින් අපට ඉස්ලාම් දහමින් හෝ ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් සාමය ඉගෙන ගැනීමට දෙයක් නොමැති බවත් අප ඉස්ලාම් ප්‍රජාවට සාමය උගන්වා ඇතැයි ද එහිමියන් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට තමන් සහභාගී වන්නේ මහා නායක හිමියන්ගේ නියමයට ගරු කිරීමක් ලෙස සහ හුදෙක් නිරීක්ෂණ මට්මින් බව ද එහිමියන් සිහිපත් කළේය.

සාමය සමගිය සහ ජාතික සංහිඳියාව සඳහා වූ ජාතික සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති අවස්ථාවේ අනුනාහිමි මෙම අනුශාසනාව සිදුකළේය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ෂික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අලි ෂා සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස