ඉස්සර වගේ සියලු ආගම්වලට එක් අමාත්‍යංශයක් දෙන්න! බුදු දහමින් පෝෂිත රටක ජීවත්වීමට ලැබීම සෙසු ආගමිකයන්ගේ වාසනාවක්! – අගරදගුරුතුමා

May 15, 2019 at 11:00 am | by admin

බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදි වශයෙන් වෙන වෙනම අමාත්‍යාංශ පවත්වාගෙන යනවා වෙනුවට පෙර පැවති ආකාරයට සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පත් කරන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (14) රජයෙන් ඉල්ලීමක් කළහ.

එමෙන්ම ආගමික හෝ ජාතියක නමක් සහිත දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

රටේ සංස්කෘතියේ කොදු නාරටිය බුද්ධ ධර්මය බවත් බුද්ධ ධර්මයේ හැසිරීම අනිත් ආගම් වලට ආශිර්වාදයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බුද්ධ ධර්මයෙන් සංස්කෘතිය පෝෂණය වන රටක ජීවත් වීමට ලැබීම පවා වාසනාවක් බවත් පැවසූ අගරදගුරුතුමා සෙසු ආගම් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

මෙම ගැටලුව පිිළිබඳ අවබෝධයක් නැති පිරිස් මත්පැන් පානය කර ගැටුම් ඇති කිරීමට කටයුතු කරන බවත් දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයන් සිය ගෝළබාලයන් පාලනය කරගත යුතු බවත් කාදිනල්තුමා අවධාරණය කළේය.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස