උපවාස කරන්නේ බුද්ධපුත්‍රයෝ නෙමෙයි, නිඝණ්ඨනාථපුත්‍රයෝ! නිඝණ්ඨයෝ බුද්ධපුත්‍රයෝ කරන්න මාධ්‍යයට බෑ! – අගමැති (video)

June 29, 2019 at 7:04 am | by emanisa.lk

උපවාස කිරීම බුද්ධ දර්ශනයට පටහැනි බවත් මියෙන තුරු උපවාස කරන්නේ බුද්ධ පුත්‍රයන් නොව නිඝණ්ඨයන් බවත් හිමි නමක් තමන්ට පැවසුවේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අප ජීවත් විය යුත්තේ බුදු දහම අනුව බවත් ජාතිවාදය මෙන්ම උපවාසය ද ඊට පටහැනි බව පැවසූ අගමැතිවරයා අප උපවාස කරන නිඝණ්ඨයන්ගේ ආගම පසුපස යා යුතු නැති බවත් ප්‍රකාශ කළේය. නිඝණ්ඨ දහම ඇදහූ බිම්බිසාර රජතුමා උපවාස කොට මිය ගිය බව ද ඔහු සඳහන් කළේය.

සුළු සිද්ධියක් විශාල සිද්ධියක් බවට පත් කිරීමට මාධ්‍යයට හැකි වුවද නිඝණ්ඨනාථ පුත්‍රයෙක් බුද්ධ පුත්‍රයෙක් කිරීමට මාධ්‍යයට නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස