නිවැරදි ආණ්ඩු සෙවීම පටාචාර නොමළ ගෙයකින් අබ සෙවීම වගේ! බුදු දහම රැකගන්න කෑගහන අයියාලට වඩා මම හොඳ බෞද්ධයෙක්! – රාජිත (video)

June 26, 2019 at 11:59 am | by emanisa.lk

ඕනෑම ආණ්ඩුවක වැරදි ඇති අතර වර්තමාන ආණ්ඩුවේ ද වැරදි ඇතැයි පවසන ඇමති රාජිත සේනාරත්න එවැනි නිවැරදි ආණ්ඩු සෙවීම පටාචාරව නොමැරුණු තැනකින් අබ අහුරක් සෙවීම වැනි යැයි පවසයි.

මේ රටට නිදහස ලබා ගැනීමේ පණිවිඩය එංගලන්තයට රැගෙන ගියේ බෞද්ධයකු නොව කතෝලිකයකු වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා බවත් බුදු දහම සහ ජාතිය රැක ගැනීමට කෑ ගහන සියලු දෙනාට වඩා තමා හොඳ බෞද්ධයකු බවත් ඔහු අවධාරණය කරයි.

ලෝකයේ හොඳම පාලන ක්‍රමය ලිච්ඡවී පාලන ක්‍රමය බවත් එහි ද ගෝරි ඇති වූ අවස්ථාවේ බුදු හාමුදුරුවන්ට එය නිරාකරණය කිරීමට වඩින්නට සිදු වූණේ යැයි ද ඇමතිවරයා සිහිපත් කරයි.

වර්තමාන ආණ්ඩුව විශාල වැඩ කොටසක් කළ ද බෞද්ධ දර්ශනයේ සඳහන් පසේ බුදුවරුන්ට මෙන් එය ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයි ද එය ජනතාව අතරට ගෙන යන නිසා තමන් ඇතුළු කිහිප දෙනෙකුට වටකොට පහර දෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුවද බුදුන් වහන්සේ නොමැරුණු නිවසකින් අබ මිටක් රැගෙන එන ලෙස දේශනා කළේ පටාචාරවට නොව කිසාගෝතමියටය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස