ඊළඟ ත්‍රස්ත ප්‍රහාරය බෞද්ධ විහාරස්ථානවලට බවට තවත් සාක්ෂි ලැබෙයි! කෝට්ටේ රජමහ විහාරය වීඩියෝ කළ තරුණයන් ISIS වීඩියෝ සමග අත්අඩංගුවට!

April 30, 2019 at 9:25 pm | by admin

කෝට්ටේ රජමහ විහාරය වීඩියෝගත කළ තරුණයන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ. බිබිල කෘෂිකර්ම විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන මෙම මුස්ලිම් තරුණයන් සමන්තුරේ සහ බදුල්ලේ පදිංචිකරුවන්ය. ඔවුන් 20 හැවිරිදි සහ 21 හැවිරිදි වියේ පසුවෙයි.

මොවුන්ගේ ජංගම දුරකතනයේ කෝට්ටේ රජමහ විහාරයේ වීඩියෝ සහ ඡායාරූපවලට අමතරව අයිසිස් සංවිධානයේ වීඩියෝ දර්ශන ද තිබී ඇත. පොලිිසිය අදාළ තරුණයන් රඳවා ගෙන ප්‍රශ්න කරයි.

කෝට්ටේ රාජධානී සමයේ එනම් 14 වෙනි සියවසේ දී මෙම විහාරස්ථානය ඉදිකෙරිණු අතර එහි ඓතිහාසික වටිනාකමින් අනූන සිතුවම්, කැටම්, ප්‍රතිමා සහ සඳකඩ පහණ ඇතුළු පුරාවස්තු රාශියක් තිබේ.

පසුගියදා මෙහෙයුම්වල දී කාන්තාවන් යොදවා බෞද්ධ විහාරස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ අනාවරණය වූ අතර ඒ සඳහා ඔවුන්ට මිලයට ගත් සුදු පැහැ ඇඳුම් කට්ටල නවයක් අතරින් හතක් දැනටමත් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස