බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම වැළැක්විය යුුතුයි! උතුරු නැගෙනහිර යළි එකතු කළ යුතුයි!

January 26, 2019 at 1:48 am | by admin

බෞද්ධයන් දීපව්‍යාප්තව ප්‍රමුඛස්ථානය ලැබීම වැළැක්විය යුතු බවත් උතුරු නැගෙනහිර විහාරරාම ඇති කිරීම ජාතික සංහාරයක් බවත් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

“බුද්ධාගමට ව්‍යවස්ථාවේ ප්‍රමුඛස්ථානට ලැබී ඇති බැවින් ඇතැම් භික්ෂුන් වහන්සේ දැනටමත් උතුරු- නැඟෙනහිර පළාත්වල බුදු පිළිම වහන්සේ හා පන්සල් ස්ථාපිත කරමින් මේක බෞද්ධ රටක්ය කියමින් එම ප්‍රදේශවලට වැඩම කරමින් සිටිනවා. එම භික්ෂුන් වහන්සේ මෙලෙස හැසිරෙන්නේ බුද්ධාගමට තිබෙන ගෞරවය නිසා හෝ එම දහමේ ඉගැන්වීම් අනුව නෙවෙයි. උන්වහන්සේට අවශ්‍ය වී තිබෙන්නේ සිංහල ආධිපත්‍ය තහවුරු කිරීමට පමණයි.”

“වෙහෙර විහාරවලින් පසුව ඒ අවට ඔවුන්ගේ මවුපියන් පසුව එම මවුපියන්ගේ ඥාතීන් පදිංචි කරනු ඇත. එයින් වන්නේ උතුරු – නැඟෙනහිර පළාත්වල ජන සංයුතිය වෙනස්වීමයි. අපගේ අනන්‍යතාවන් සුරැකීමට නම් පළමුව අපගේ භාෂාව හා ආගම සුරැකිව තිබිය යුතුයි. එබැවින් බෞද්ධයන් දීපව්‍යාප්තව ප්‍රමුඛස්ථානය ලැබීම වැළැක්විය යුතුයි. මෙලෙසද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ? ආගමානුකූලව නොවෙයි. එය ලබා දෙන්නේ දේශපාලනිකවයි. එය ආක්‍රමණයක්. මම බුද්ධාගම ඉගෙන ගත් අයෙක්. මම බුදුන් දේශනා කළ දහම ඉහළින් පිළිගන්නා කෙනෙක්. නමුත් මොවුන් කරන්නේ එක්තරා ආකාරයක ජාතික සංහාරයක ආරම්භයක්.”

“අපට තිබෙන ගැටලුව බුදු දහම හෝ බුදුන්වහන්සේ හෝ බුද්ධ දර්ශනය නෙවෙයි. අපට ගැටලුවක් “වී තිබෙන්නේ එම දහමේ නාමයෙන් අප ප්‍රදේශ ආක්‍රමණය කිරීමට උත්සාහ දරන ඇතැම් සිංහල පිරිසක් ගැන පමණයි.”

“උතුරු – නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කළහොත් නැඟෙනහිර පළාත් ජනතාවගේ අනන්‍යතාව සුරැකෙනු ඇත. එසේ නොවුණහොත් එය සිංහල ජනපදයක් බවට පත්වනු ඇත.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස