කතෝලික නිවෙස් වෙසක් කූඩුවෙන් වෙසක් පහනින් සරසමු! වෙසක් කළාප නැතත් අප සමග වැළපුණු බෞද්ධයන් සමග රටම වෙසක් කළාපයක් කරමු! – මේරියන්ස් නායක නලින් පෙරේරා

May 1, 2019 at 11:04 am | by admin

ඔවුහු අප සමග එකට හඬා වැළපුණහ…. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථානවල ඉඩ සලසා දුන්නහ… වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරීම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය….. ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය….

රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට ඇත… අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුණුවන් වන අපද සූදානම් බව සංකේතවත් කිරීමටත්.. වෙසක් පොහෝ දින අපගේ නිවෙස්වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදු රජාණන්වහන්සෙගේ තෙමගුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග එකතු වෙමු…!

මෙදා සැරේ වෙසක් කලාප නැති වේවි… නමුත් අපි එකතු වී අපේ නිවෙස්වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුලු රටම එක වෙසක් කලාපයක් කරමු….

Nalin Perera FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස