රතන හිමිට ගම්පහ අපේක්ෂකත්වය දෙන්න ප්‍රසන්න එරෙහි වෙයි! – රතන හිමිගේ මහින්ද විරෝධයට හේතුව මෙන්න….

March 14, 2020 at 7:25 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ගම්පහ දිස්ත්‍රික්කයෙන් එළඹෙන මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් නාම යෝජනා ලබා දීම එම දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව වාර්තා වේ.

රතන හිමියන් එළඹෙන මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු විය.

ප්‍රසන්න රණතුංගගේ මෙම තීරණය පිටුපස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිටින බවට තිබෙන සැකය මත රතන හිමියන් විසින් පසුගියදා අග්‍රාමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කර තිබිණි.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ රතන හිමියන් 2018 ඔක්තෝම්බර් මස පැවති ආණ්ඩු පෙරළියේ දී මහින්ද රාජපක්ෂගේ පාර්ශවයට සහය දීමට ඉදිරිපත් විය.

2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් රතන හිමි 4 වන ස්ථානයට පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේය.

ප්‍රථම වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට පැමිණි රතන හිමියන්ගේ වසර 16ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළ කාර්යභාරය මේ සමඟම අවසන් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස