අස්ගිරි මහනාහිමිට එරෙහිව පාක්‍යසෝති ජිනීවා වෙත පැමිණිලි කරයි!

June 30, 2019 at 7:34 pm | by emanisa.lk

මුස්ලිම් ජනතාවට එරෙහිව ප‍්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ සිරි ක්‍ඳාණරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත මෙරට ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් පැමිණිලි කර ඇත.

කොළඹ මල් පාරේ පිහිටි විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ලට අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය 41 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ සමහර ආගමික නායකයන් කර ඇති ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකි ප‍්‍රකාශ සම්බන්ධව සොයා බැලිය යුතු බවය.

අස්ගිරි මහනාහිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් පසුගියදා පොලිසියට ද පැමිණිලි කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස