කබීර් ලබාගත් එක්ලක්ෂ පන්දහසක් ඡන්දවලින් 70 දහසක් බෞද්ධ ඡන්ද! අවසානයේ ඔහු අන්තවාදීන්ට එකතු වුණා! සහජීවන සළු හැඳගෙන දැන් සංඝ භේදයටත් වැඩ කරනවා!- සත්කෝරළේ භික්ෂූන් (video)

June 13, 2019 at 8:46 am | by emanisa.lk

කබීර් හෂීම් මන්ත්‍රීවරයාට නැවත ඇමති ධුරය ලබා ගන්නා ලෙස තෛනිකායික භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටින බවට පැවති හමුවේ තෛනිකාය නියෝජනය කළේ ද යන්න ගැටලුවක් බවත් සිව්කෝරළේ එක්සත් බෞද්ධ සහන සේවා පදනම යනුවෙන් සංවිධානයක් ඇති බව තමන් දැනගත්තේ ඒ පුවතින් බවත් සබරගමුව පළාත් උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වරාපිටියේ පාලිත හිමි පවසයි.

මෙම මාධ්‍ය හමුවට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිස කබීර් හෂීම්ගේ පෞද්ගලික ලේකම්වරුන් බවත් ඔවුන් පක්ෂ පාට දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින බවත් අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා තමන් ප්‍රතික්ෂේප කරන බවත් පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි ප්‍රකාශ කළේය.

කබීර් හෂීම් ඇමතිවරයා එක්ලක්ෂ පන්දහසක් ඡන්ද ලබා ගනිද්දී ඉන් හැත්තෑ දහසක් බෞද්ධ ඡන්ද බවත් සිංහලයා ජාතිවාදියකු නොවන බව එමගින් තහවුරු වන බවත් අරනායක භික්ෂු පෙරමුණේ ලේකම් බඩල්කුඹුරේ විමලරතන හිමි පවසයි. සහජීවන මුහුණක් පෙන්නා ගෙන ප්‍රධාන පක්ෂයක ලේකම්වරයකු ලෙස අල් ටකියා න්‍යායෙන් වැඩ කරන්නේ යැයි කබීර් හෂීම්ට චෝදනා කළ එහිමියන් බෞද්ධ පාඨ කට පාඩම් කර කියමින් භික්ෂූන් වහන්සේලා අතර භේදයක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙස ද ඉල්ලා සිටියේය.‍

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස