උපවාස කළ රතන හිමිට සහ කාශ්‍යප හිමිට පහර දුන් ඇමති මංගල සුමංගල හිමිගේ උපවාසය ගැන නිහඬයි!

November 13, 2019 at 12:12 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බවත් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්නම් දින තුනක් ඇතුළත තහවුරු කර පෙන්වන ලෙසත් දන්වා ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි ආරම්භ කර ඇති උපවාසයට මේ වන විට දින තුනක් ගතවී තිබේ.

කෙසේ වෙතත් එම උපවාසය සම්බන්ධයෙන් මේ දක්වාම මුදල් අමාත්‍ය මංගල සමරවීර කිසිම ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ඇතැම් පාර්ශවවල විමසිල්ලට යොමු තිබේ.

මීට පෙර අතුරුලියේ රතන හිමි මහනුවරදී පැවැත්වූ සත්‍යග්‍රහයේදීත්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයේදීත් ඒවා විවේචනය කරමින් මුදල් අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ කළේය. රතන හිමිට චීවරධාරියා යැයි ද කාශ්‍යප හිමි ගෝඨාගේ කුලී උපවාසකරුවෙකු ලෙසත් හැඳින්වූ ඇමති මංගල සමරවීර වර්තමාන උපවාසය පිළිබඳ නිහඬ පිළිවෙළතක් අනුගමනය කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස