ආණ්ඩුවේ රට අරාජික කරන ඇමරිකානු ගිවිසුම්වලට එරෙහිව ආගමික නායකයෝ අත්වැල් බැඳගනිති! විදෙස් හමුදාවට රටට ඇතුළු වීමට ඉඩ දෙන කිසිදු ගිවිසුමකට එළඹීමට පෙර ජනතා මතය විමසිය යුතු බව ප්‍රකාශ කරති! (video)

June 1, 2019 at 10:40 am | by admin

බැඳීමට අවකාශ සලසන හා මෙරට භූමිය විදේශිකයින්ට භාවිත කළ හැකි වන ආකාරයේ කිසිදු ගිවිසුමකට එළඹීමට තරයේ විරුද්ධ වන බව අස්ගිරි මහ නාහිමිපානන් ප්‍රමුඛ උභය මහා විහාරීය අනුනායක වහන්සේ සහ අගරදගුරු හිමිපානන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

ඊයේ (31) පැවති සාකච්ඡාවකින් අනතුරුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රජය මගින් විදේශිය රටවල් සංවිධාන සහ ආයතන සමග රටේ ස්වාධිනත්වයට බලපාන ගිවිසුමවලට එළඹෙන්නේ නම් පොදු මහජන මතය විමසිය යුතු බවය.

රට පත්ව ඇති ව්‍යාකූල වතාවරණය තුළ ගිවිසුම්වලට එළඹී රට වඩාත් අස්ථාවර තත්ත්වයට පත් නොකර ආගමික අන්තවාදී සංවිධාන තහනම් කර පොදු නීතියක් ගෙන ඒම රජයේ වගකීම බව එහි වැඩි දුරටත් සඳහන්ය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් සහ පූජ්‍ය දිඹුල්කුඹූරේ ශ්‍රී විමලධම්ම හිමියන් ඊට අත්සන් තබා තිබේ.

එමෙන්ම අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි සහ පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි ද ඊට අත්සන් තබා ඇති අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ද එම නිවේදනයට අත්සන්තබා ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස