ඇමති මංගලට රටේ කිසිදු විහාරස්ථානයකට ඇතුළු වීම තහනම් කර සංඝාඥාවක් පැනවිය යුතුයි! – නැඟෙනහිර තමන්කඩුව අධිකරණ සංඝ නායක හිමි

June 7, 2019 at 9:36 pm | by emanisa.lk

මංගල සමරවීර අමාත්‍යවරයා ජාතීන් අතර වෛරය ඇති වන ලෙස ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඔහුට දිවයිනේ කිසිදු විහාරස්ථානයකට ඇතුළු වීමට නොහැකිවන ලෙස සංඝ ආඥාවක් පැනවිය යුතු බව නැගෙනහිර හා තමන්කඩුව දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය නාකොළගනේ සුමන හිමි පවසයි.

එසේම මෙවැනි පුද්ගලයන්ට පත්ථ නික්ඛුජ්ජන කර්මය (පාත්‍රය මුනින් අතට හරවා විරෝධය පෑම) පැනවිය යුතු බව ද එහිමියන් පැවසීය.

දෙහිඅත්තකණ්ඩිය කැලේගම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අද (06) පැවැති පුණ්‍යෝත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස