ආණ්ඩුව විදේශ ඒජන්තයන්ට ඕන විදිහට රට හරහා විදුලි දුම්රියක් දාලා රට දෙකඩ කරන්න හදනවා! – අමරපුර නිකායේ මහනාහිමි ජනපතිගේ මූණටම කියයි….

June 6, 2019 at 12:31 pm | by emanisa.lk

මේ රටේ සිටින විදේශීය ඒජන්තවරුන්ගේ බලපෑම් අනුව විදේශීය අවශ්‍යතාව වෙනුවෙන් මන්නාරමේ සිට තිරිකුණාමල දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ සැලසුමක් ඇති බව අමරපුර ශ්‍යාමෝපාළී මහ නිකායේ මහා නායක තිරිකුණාමලයේ ආනන්ද හිමි පවසයි.

රට හරහා මෙවැනි විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සමග ඒ දෙපස විදුලි වැටවල් දෙකක් ඉදි වන බව ද ඒ අනුව කිසිවකුට නොදැනී ඉතාම සූක්ෂ්ම ලෙස රට දෙකඩ වන බව ද උන් වහන්සේ පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍යාමෝපාළි මහ නිකායේ ඌව පාර්ශවයේ සහ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද තුම්බෝවිල ධම්මරතන හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව සභාව අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *