ඇමති ඩබල දිවුරුම් දුන්නේ අගමැතිට හොරා! 9 දෙනාගේ එකමුතුව බිඳ දැම්මැයි අගමැතිගෙන් චෝදනා!

June 20, 2019 at 8:56 am | by emanisa.lk

ඊයේ (19) ජනාධිපතිවරයා ඉදිරියේ සිය ඇමති ධුරවල එජාප සභාපති කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් දිවුරුම් දී ඇත්තේ අගමැතිවරයාට නොදන්වා බවත් ඒ පිළිබඳ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඔහු සිය විරෝධය පළකර ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රතිපත්තිමය හේතුවක් මත තමන්ට දැනුම් දී සියලු දෙනා සමග ඉල්ලා අස්වී දෙදෙනෙකු පමණක් පසුව තමන්ටත් නොදන්වා දිවුරුම් දීම අගමැතිවරයාගේ විරෝධයට හේතු වී ඇත.

එහෙත් පසුගියදා අගමැතිවරයා ප්‍රකාශ කළේ නිදහසට පසු මුස්ලිම් ඇමතිවරු නොමැති ඇමති මණ්ඩලයක් අද ක්‍රියාත්මක වන බවත් එය රටට හිතකර නොමැති බවත්ය. කෙසේ වුවද රතන හිමිගේ උපවාසය අවස්ථාවේ චූදිත ආණ්ඩුකාරවරු දෙදෙනා සමග ඇමතිවරයා ද ඉල්ලා අස්වීමට සූදානම් වූ අවස්ථාවේ එය වළක්වා සියලු මුස්ලිම් ඇමතිවරුන් ඉවත් වන තැනට කටයුතු කළේ අගමැති බවට ද චෝදනා නැඟෙයි.

කෙසේ වුවද එජාප සභාපති කබීර් හෂීම් නැවත සිය ඇමති ධුරයේ දිවුරුම් දිය යුතු යැයි තමන් ඉල්ලා සිටින බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඊයේ සවස පැවති උත්සවයක දී ජනාධිපතිවරයා පවසා තිබුණේ ප්‍රධාන කඳවුරු දෙක තුළම ගැටුම් පවතින බවත් සමහරු ඇමති ධුරවල දිවුරුම් දෙන බව පක්ෂ නායකයා නොදන්නා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස