හඬපටි තියෙන්නේ බැංකුවේ!.බැංකු ගිහින් හඬපටි ගන්න ඇප දෙන්න! – රංජන්

January 22, 2020 at 5:43 pm | by emanisa.lk

හඬපට පුද්ගලික බැංකුවක ලොකරයක තැන්පත් කර ඇති බව රන්ජන් රාමනායක අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

එය ලබාගැනීමට නම් බැංකුවට යාමට තමන්ට සිදුවී ඇති බවත් බන්ධනාගාරයේ සිටින තමන්ට එය ලබා ගැනීම අසීරු බවත් ඔහු පැවසීය.

අද දවස ඇතුළත අදාළ හඬ පට 6ක් පමණ ලබා දෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ අධිකරණය මගින් දින දෙකක් ඇප දෙන ලෙසය.

ඔහු සඳහන් කළේ එවිට සියලු හඬ පට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවය.

එමෙන්ම ලක්ෂ ගණනක හඬ පට ඇති බැවින් එම හඬපට බැකප් කිරීම සඳහා පොලිසියට සිංගප්පුරුවට යාමට සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේය

කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ සිදුකළ කතාව අතරතුර කාංචන විජේසේකර මන්ත්‍රීවරයා සම්බන්ධව සිදුකල දුරකථන ඇමතුම සභාගත කරන ලෙසට විජේසේකර මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී රන්ජන් රාමනායක දුරකථන ඇමතුමක් තමන්ට ලබාදුන් බවට ඔහු පිළිගත් අතර එහිදී ඔහු විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු සැපයූ බව පමණක් විජේසේකර මන්ත්‍රීවරයා විසින් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස