ස්වාධීන කතානායක සළු උනයි! පාඨලී වෙනුවෙන් බෝධි පූජා කරයි!

December 23, 2019 at 8:20 am | by emanisa.lk

කථානායක කරූ ජයසූරිය අද (22) බත්තරමුල්ල ජයසේකරාරාමයේ පැවති බෝධි පූජාවකට එක් වූයේය.

එය පැවැත් වූයේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට සෙත් පතමිනි.

පාර්ලිමේන්තුවේ කතානායක ධුරය නිර්පාක්ෂික ධුරයක් වන අතර පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටී. කිසියම් පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණිය ද කතානායක ධුරය හොබවන සමයේ පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී සිටීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මෑත කාලයේ කතානායක ධුරය දැරූ අනුර බණ්ඩාරනායක, වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ චමල් රාජක්ෂ ආදී සියලු දෙනා එම සම්ප්‍රදායට අනුගතව කතානායක ධුරයේ ගෞරවය ආරක්ෂා කළ ද කරූ ජයසූරිය ඉතිහාසයේ පක්ෂග්‍රාහීම අපකීර්තිමත්ම කතානායක ලෙස දැඩි විවේචනයට ලක්වෙයි.

කෙසේ වුවද කරූ ජයසූරිය නිරන්තරයෙන්ම පාහේ අවධාරණය කරන්නේ තමන් ස්වාධීන කටයුතු කරන බවය. යහපාලන ආණ්ඩු සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ආදී මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් අත්අඩංගුවට පත්වුවද ඒ කිසිම අවස්ථාවක කතානායකවරයා මේ ආකාරයට මැදිහත් වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස