පාඨලීගේ ජනාධිපති අපේක්ෂක සිහින කුඩේ කුඩු! එජාපය සූක්ෂ්ම ලෙස පාඨලීගේ වැය ශීර්ෂ පරදයි! (video)

March 28, 2019 at 9:42 pm | by admin

ඇමති පාඨලී චම්පික රණවකගේ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි. ඒ අනුව එම වැය ශීර්ෂය ද වැඩි ඡන්ද 18කින් පරාජයට පත්විය.

අමතරව වජිර අබේගූණවර්ධනගේ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂය ද පරාජයට පත්විය. ඊට පක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි. ඒ අනුව එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත්විය.

ඇමති පාඨලි චම්පික සමග අමනාපයෙන් සිටින එජාප පසුපෙළ එහි ප්‍රබලයකු මාර්ගයෙන් ඡන්දය විමසන අවස්ථාවේ සූක්ෂ්ම ලෙස පාර්ලිමේන්තුවෙන් බැහැර කර ඔහුගේ වැය ශීර්ෂය පරාජය කිරීමට විපක්ෂය කටයුතු කළේය. ඡන්ද විමසන අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ පවා එහි නොසිටි බව වාර්තා වෙයි.

පසුගියදා ඇමති පාඨලි චම්පික ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්ෂකයා කතානායක කරූ ජයසූරිය බව ප්‍රකාශ කළ අතර ඊට එරෙහිව එජාප පසුපෙළ මන්ත්‍රීවරු 18 දෙනෙක් සජිත් සමග කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි. ආණ්ඩුවට රටේ පැවති මහා ගෞරවය විනාශ කළේ එජාප පසුපෙළ යැයි ඇමති පාඨලි  චෝදනා කර වැඩි දවසක් ගත වූයේ නැත. ජනාධිපතිවරණ අපේක්ෂක නාමාවලියේ පාඨලීගේ නමද කියවුණු අතර මෙම පරාජය සමග එම සිහිනය බොඳවී යාමට ඇති ඉඩකඩ වැඩිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස