එජාප නායකත්වයට සජිත් නෙමේ කරූ පත්කරන්න! රනිල් ජ්‍යෙෂ්ඨ උපදේශක කරන්න! – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

December 17, 2019 at 1:30 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයට කතානායක කරූ ජයසූරිය පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ නියෝජිත භික්ෂූන් වහන්සේලාගේ අත්සන් සහිතව සකස් කළ විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මෙම ලිපියෙහි පිටපත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජිතයන්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු මහජන නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ද යොමුකර ඇත.

පක්ෂ නායක ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහගෙන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇති අතර කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂ නායක ධූරයට පත් වුවහොත් එය පිළිගෙන ඔහු සමඟ පක්ෂයේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ද ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස