එජාප අපෙක්ෂකයා කරූ නම් ජවිපෙ සහායත් කරූට! ඇමති රාජිත අගමැති රනිල්ට සහතික වෙයි! එජාප ජවිපෙ පූට්ටුවට වික්‍රමබාහු පෙරට!

September 16, 2019 at 3:22 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසුරිය ඉදිරිපත් කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ සහය එජාප පෙරමුණට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව ඇමති රාජිත සේනාරත්න අගමැති රනිල් වික්‍රමසිංහට අවධාරණය කර තිබේ.

අගමැති නියෝජිත දිනේෂ් වීරක්කොඩි, පසුගිය11දා කතානායක කරු ජයසුරිය හමුවී, ජනතා විමුක්ති පෙරමුණේ හා සිවිල් සංවිධානවල සහය ලබාගත හැකි බව සහතික කරන්නේ නම්, ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය කතානායක කරු ජයසූරියට ලබාදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සුදානම් බව දැනුම් දී ඇත්තේ ඒ අනුවය.

මේ අතර සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (15) කොළඹ අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී අදහස් දක්වා ඇති ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ‍ට සහාය පළ කළ ජාතිවාදය සහ ආගම්වාදයට එරෙහිව අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගැනීම වැදගත් බව අවධාරණය කර තිබේ.

කෙසේ වුවද ජවිපෙ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවත් එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම තරඟ වදින බවත් පවසයි. මේ අතර ජවිපෙ සිය සීනුව ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් තරඟ කරන බව කේ.ඩී. ලාල්කාන්ත පසුගියදා ප්‍රකාශ කළේය. ජනාධිපති විසින් රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කළ අවස්ථාවේ නැවත ඔහු බලයට ගෙනැවිත් එජාප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට නොදෙවෙනි සටනක් කළේ ජවිපෙය.

මේ අතර රාජිත සේනාරත්න මෙයට පෙර සඳහන් කර තිබුණේ ජවිපෙ සහ දෙමළ සන්ධාන සහාය නොමැතිව එජාපයට ජනාධිපතිවරණය ජයගත නොහැකි බවය. පසුගියදා රනිල් වික්‍රමසිංහ ද එය සනාථ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස